Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

Friday, October 24, 2014


හල්ලොව් කොහොමද කට්ටිය ඈ ඔන්න අදත් චෙනුර මලයා පරිගණක වල නරක පැත්ත ගැන ලිපියක් ගෙනාවා :D මුලින්ම අපි එකෙන් එක බලමු මේ මොනවද කියලා :D හරි මේ ලිපිය ගැන මුලාශ්‍ර ලබාගත්තේ
රුවන් අයියාගේ බ්ලොග් අඩවියෙන් හා මා දාන්න කරුණු එකතු කරා ඈ :D හරි

Hack කිරීම?
ඇත්තටම මේකට ගොඩක් අර්ථ තියෙනවා Dictionary වල බලන්න කුණුහරුපත් එනවා ;) මේකේ සරල තේරුම තමයි අනවසර ආක්‍රමණය.පරිගණක ආශ්‍රිත දේවල් වල දත්ත හොරකම් කිරීම :D මේවට ඕන තරම් නිර්වචන තියෙනවා.කොහොම වුනත් මේක නරක දෙයක් හොරකමනේ... ;)

Hacker වරු?
පරිගණක වලට අනවසරයෙන් ඇතුල් වෙලා දත්ත සොරාගෙන ඒවා තමුනෙග් සිතැගි පරදී කටුයතු කරන අය කියුවොත් හරි(සරල අර්ථය)

Hacker වරු ප්‍රධාන වර්ග 3


White Hat සුදු තොප්පි හැකර්වරු
පරිගණක සහ ජාල ආරක්ෂක ප්‍රමුඛයන් ලෙස හැදින්වේ.මොවුන් සිය දැනුම සිය ආයතනයේ ආරක්ෂාව උදෙසා භාවිතා කරයි මොවුන් පද්ධතියකට අනවසරයෙන් ඇතුළුවූවත් ඒ අවශ්‍යම හේතුවක් නිසා පමණක් වන අතර සැම විටම හානිකර හැකරැන්ගෙන් පරිගණක පද්ධති බේරාගැනීම පරාමාර්ථය කොට වැඩ කරයි.මෙයාලගේ සරල තේරුම තමයි මෙයාලා Hacking යොදන්නේ හොද පැත්තට ;)

Black Hat කළු තොප්පි හැකර්වරු
නීති විරෝධි හා අනවසර ඇතුළුවීම් හානිකර කටයුතු සඳහා යොදා ගනියි.හානිකර හේතුන් සදහා ජාලයකට හෝ පරිගණක පද්ධතියකට ඇතුළු වෙන මෙයාලා Hacking යොදන්නේ ගොඩක් නරක වැඩ වලට :( මෙයාලා ගොඩක් හැංගිලා ඉන්නේ දැනට ගොඩක් අය හිරේ :D


Gray Hat අළු තොප්පි හැකර්වරු
ඉහත දෙපාර්ශවයේම එකතුවක් ලෙස හැදින්වේ. අන්තර්ජාලය තුල සැරිසරමින් අනෙක් ජාල තුල ඇතුල් වේ ,මොහො දුරට සුළු මුදලක් සදහා පද්ධති සහ ජාල වල අනාරක්ෂිත ස්ථාන අලුත් වැඩිය කරයි.මෙයාලා ගැන කියන්න අමාරුයි එක එක විදිහට Hacking යොදාගන්නවා :D

Hacking ඉගෙන ගන්න අයගේ අධ්‍යාපන අවදි
Elite hacker

විෂයේ දැවැන්තයෝ මෙම නමින් හදුන්වයි , නව අනාරක්ෂිත ස්ථාන සොයන්නන්,නව ඇතුළු වන ක්‍රම සොයන්නන් මෙම ඝනයේ ලා සැලකේ සරලව කියන්නේ නම් වැඩ්ඩන් හා වැඩකරැවන් ලෙස මොවුන් හැඳින්විය හැකිය.

Script kiddie

කිසිම හැකිං පිලිබඳ දැනුමක් නැති,අවබෝදයක් නැති අය වේ,අනිත් පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද Application ආධාරයෙන් වැඩ ගන්නෝ වෙති.
Neophyte

සමහර තමන් වැඩ්ඩන් යයි සිත සිටින්නන් කිසිදු දෙයක් නොදන්නා නමුත් වැඩකරැවකු යැයි පෙන්වන්න්ය (Noob ,හා Newbie) නමින්ද හඳුන්වයි.සිංහලෙන් කියනවානම් කටින් Hacker වරු (ලංකවේ වැඩි මෙයාලගේ අය තමයි)

Blue hat

පද්දති වල ආරක්ෂාව සොයා බලන්නන් මේ නමින් හැදින්වේ.

Hacktivist

සමාජ,ආගමික,දේශපාලන අවශ්‍යතා සදහා ඇතුළු වන්නන්.

හැක් කරන්න භාවිතා වන ක්‍රම

  • Server Side Hacking
  • Social Engineering

හැකින් වල භයානකම සහ ප්‍රබලම ලෙස සලකන්න පුළුවන් තම බුද්ධිය සහ අනෙක් පුද්ගලයාව රැවටීමේ දක්ෂතාවය මත මෙය රදා පැවතේ.හොදට හිතන්න පුළුවන් වෙන්න ඕනේ :)

උදා - මම Fake Account එකකින් තමාට Hack කිරීමට අවශ්‍ය පුද්ගලයා සමග මිත්‍ර වී ඔහු ගැන විස්තර දැන ගැනීම තුලින් අදාල පාස්වර්ඩ් වැනි දෑ සොයා ගැනීඹ හෝ අනුමාන කිරීම.

Social Engineering Expert කෙනෙකු සාමාන්‍යයෙන් දින ගානක් තාමාට අවශ්‍ය පුද්ගලයා දෙස බලා සිටිමින් ඔහු අධ්‍යයනය කරයි,ඔහුගේ ජිවන රටාව,කැමති යුවතියන් වර්ග,කොන්ඩ විලාසිතා. වැනි දේ(Hack කිරීමට ඕන කෙනාගේ පුද්ගලික තොරතුරු ලබා ගන්නවා)
Shoulder Surfing
අනෙකාගේ මුර පදය දෙස ඇස කොනෙන් හෝ , බලා සිටීම.රහසින් බලා සිට මුර පදය සොයා ගැනීම :o (ගොන් Hacking)
Guessing
යහළුවෙක් නම්, Social Engineering දන්නාවනාන්ම් මේක ලේසියි , අනුමානයට විවිධ පාස් වර්ඩ් ඇතුල් කර බලමින් හරි පාස්වර්ඩ් එක සොයාගැනීම.
Keylogging
වඩාත් දියුණු තත්වයක් වේ.මේ සඳහා හැක් කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ පරිගණකයට මුලින්ම කී ලොගර් වැඩසටහනක් යවනු ලැබේ පසුව මෙය මගින් අනිත් පුද්ගලයා විසින් ටයිප් කරන සියලුම අකුරු හැකර් වරයා වෙත ලැබේ .උදා - RapZo Logger,Accuracy Logger , Keystork Dante,Ring Logger
Cookies Stealing
යම් අඩවියකට ඇතුල් වීමේදී තම පරිඝනකයේ තැන්පත් වන කුකිස්‌ සොර ගැනීම තුලින් ලොග් වන යුසර් Name සහPassword සොරාගනිම .
Remote Administration tools - (RAT)
හැකර් වරුන්ගේ ප්‍රබලම අවියකි , හැකර් වරයාට අවශ්‍ය පුද්ගලයාගේ පරිගණකය අවශ්‍ය පරිදි හැසිරිවිය හැකිය , වෙනත් ඒවා බාගත කල හැකිය. උදා - Pro RAT , Dark_Comet , BS , Spy Net , Cyber gate
Password Stealing
Keylogging වලට සාමාන උව්වත් මෙහිදී නියමිත Apps වල User Names and Password පමණක් හැකර් කරුවාගේ ඉ මේල් ගිණුමට හෝ ඔහුගේ අදාළ අඩවියකට එවයි ,Ex – Emissray , iStealer
Phishing Attacks
අදාළ වෙබ් අඩවිය ලෙස සෑදු ව්‍යාජ අඩවියකට පුද්ගලයාව ගෙන යයි ,උදා - ෆේස් බුක් අඩවිය ලෙස තනු ව්‍යාජ එකට ඔබ ලොග් වූ විට ඔබේ දත්ත හැකර් වරයාට ලැබේ.
Bot or Zombies
තවත් ප්‍රබල දෙයකි , Password Stealing , Keylogging යන්න ලෙසත් ක්‍රියාත්මක වේ , BOTNET එකක් යනු බොහෝ විනාශ කාරී දෙයකි , ඔබේ සියලු දත්ත සොර ගන්නට හැකි වේ. උදා - Zeus bot

Server Side Hacking


Exploiting යනුවෙන් මුලිකවම දැක්වෙන්නේ,යම් පද්දතියක හෝ ජාලයක ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇතුල් වීමෙන් තාමගේ වාසිය සාදා ගැනීමයි.වෙබ් අඩවියකට මෙවැන්නකින් කල හැකි දේ.

1. SQL Injection

2. RFI, LFI3. Uploading Shells

4. XSS Cross Site Scripting

5. CSRF

6. Gaining Root Access to websites hosted on the same server and then intruding another site on the server.

7. Using Scripts to gain information known as Exploits.

Dictionary Attacksලෙහෙසියෙන්ම මෙයින් අත්මිදෙන්න පුළුවන් , නමේ හැටියට වගේම කිසිම දවසක Dictionary එකක ඇතුලත් වෙන්න පුළුවන් නම් මුරපදයට ඇතුල් කරන්න එපා.

Brute-force Attacks

ඉහත දේට සමානයි . නමුත් බොහෝ දවසක් යන වැඩක් , ඔබේ මුර පදය දිගු එකක් නම් ,අංක , එකතු කිරීම , සමාන ලකුණු , වරහන් වැනි දේ සමග තියෙනවා නම් බොහෝ දුරට මෙම  ප්‍රහාරය දියත් කරයි , නමුත් ගොඩක් ලොකු මුර පදයක් නම් වැඩක් වෙන්නේ නැහැ.

Like කරලා උදුව් කරන්න යාලුවනේ :D එහෙනම් චෙනුර මලයා ගියා අපේ Site එකේ Hacking යටතේ තියෙන ඒවා කියවලා තවත් දැනුම වැඩි කරගන්න පුළුවන් :D

වැඩි දුර දැනගන්න පහළ Post බලන්න :D

Monday, October 20, 2014



ලංකාවේ ගොඩක්ම අය Hack වෙන්නේ මෙන්න මේක නිසා එක නිසා මේ ගැන ලියන්න හිතුවේ :D කොහොමද ඉතින් ඔන්න අදත් චෙනුර මලයා ඔයාලාගේ ආරක්ෂාව ගැන ලිපියක් මේ ගෙන්නේ ඈ.. ඔන්න තවත් සුපිරි post එකක් අරන් ආව එහෙනම්.ලංකාවේ ගොඩක්ම Hacking වැඩ වෙන්නේ මේ KeyLogger වලින් :D  අද කියන්න ආවේ Keyloggers වලින් බේරෙන් විදිහ​ ගැන දැන් කට්ටිය බයවෙලා ඇති නේද ගොඩාක් අය keloggers වලට බයයි නේ ඉතින් Net Use කරද්දි අනිවාරෙන්ම ඔයාල දැනගන්න ඕනි Keloggers වලින් බේරෙන විදිහ එහෙනම් පටන් ගමු. :D

keylogger එකක් කියන්නේ මොකද්ද​?
ඔයාල මීට කලින් keyloggers ගැන් අහල ඇති නේද ඒත් ඔයාල හරියටම keylogger එකක් කියන්නේ මොකද්ද ඒකෙන් වෙන්නේ මොකද්ද කියල වැඩිය දන්නේ නෑනේ. :D keylogger එකක්  keystroke logger  කියල හදුන්වනවා..ඒකෙන් වෙන්නේ ඔයාලගෙ Computer එකට keylogger එකක් ගියහම ඔයා කරන හැම වචනයක්ම සටහන් කරගන්නවා ඊට පස්සේ හැකර්ට ඒව බාලාගන්න පුලුවන්..ඔයාලට ඔයාගෙ computer එකේ keylogger එකක් තියෙනවද කියල කොහොමටවත් හොයන්න බෑ මොකද ඒක ඔයාලගෙ Task manager එකේ වත් Control pannel එකේ වත් නෑ...මොකද මේක Program කරන්නේ StartUp එකට එකියන්නේ Machine එක On කරපු වෙලේ ඉදලා මේක වැඩ :D මේක ගොඩාක් දෙමවුපියෝ බාවිතා කරනව තමන් ගේ ළමයි මොනවද කරන්නේ කියල බලාගන්න​..එත් මේක අද ලංකවේ වගේ යොදාගන්නේ Hacking වලට :D

මුලින්ම කියන්නම් මේ Logger එක එක නම් වලින් තියෙනවා :D
Antilogger
RingLogger
KeyLogger  මේ වගේ ගොඩක් ඒවා තියෙනවා නම වෙනස් වුණාට වෙන්නේ එකම දේ :D

Keylogger ඒකෙන් ඔයාට වෙන්න පුලුවන් හානි :(
එකක් ඔයාගෙ යාලුවා විසින් හෝ හතුරා විසින් වෙනත් file එකක් සමග bind කරල එවන්න පුලුවන්...මේක මගින් ඔයාගෙ හැම තොරතුරක්ම වගේ එයාට යනව උදාහරනයක් විදිහට -ඔයාගෙ ෆේස්බුක් ගිනුමේ Email and Password, Google account එකේ email password වගේ ඒවා එයාට යනවා..
keyloggers වර්ග​..
එහෙනම්  keyloggers වර්ගීකරනය කෙරෙනවිදිහ ගැන කතා කරමු වර්ග දෙකක් තියෙනවා එකක්
*Hardware Keylogger
*Software Keylogger.
Software Keylogger එක install වෙන්නේ ඔයාගෙ computer එකට ඒත් Hardware keylogger එක එකතු වෙන්නේ ඔයාගෙ keyboard එකට.පල්ලෙහා images බලල ඔයාලගෙ දැනුම තවත් තහවුරු කරගන්නකෝ:D
Hardware



Software කියුවට මේක Machine එකකට ගියාම මෙහම පෙන්වන්නේ නැහැ ඈ ;)

මේක වැඩ කරන හැටි :D
මේක කියුවේ රුවන් අයියා :D Key Logger වලින් කරන්නේ ටයිප් කරනා හැම දෙයක්ම ටයිම් ඩියුරේෂන් එකකට වරක් යවන එක , Stealer එකකින් තමයි User Name Passowrds යවන්නේ ,

Keyloggers වලින් බේරෙන විදිහ​

මන් කලිනුත් කිවුවා වගේ keyloggers කරන්නේ ඔයාගේ පෞද්ගලික තොරතුරු හොයන්න ඉතින් ඒවයින් බේරෙන විදිහ දැනගෙන ඉන්නත් එපා..ඒවායින් බේරෙන්නනම් මන් පල්ලෙහා දාල තියෙන පියවරවල් අනුගමනය කරන්න​1.හොදම දේ තමයි හොද වයිරස් ගාර්ඩ් එකක් සහ උසස් මට්ටමේ ෆයර්වෝල් එකක් භාවිතා කිරීම..

2.ඔය සමහර ක්‍රැක්ස් වැනි ඇප්ලිකේශන් භාවිතා කරන්න කලින් කියනවා ඔයාගෙ  FireWall එක එහෙමත් නැත්තනම් වයිරස් ගාර්ඩ් එක Deactive කරන්න කියලා...එවැනි දේවල් භාවිත කරද්දි විශ්වාසයක් නැතුව වයිරස් ගාර්ඩ් එක Deactivate කරන්න යන්න එපා..

3.ඔයා කැෆේ එකකට ගිහින් facebook ,gmail, yahoo යනවානම් ඔයාගේ ඒ Account එකේ 2nd Verified කරලා තියාගන්න :D

4.තව දෙයක් ඔයා කැෆේ එකකට ගියහම හොදින් බලන්න එකේ keyboard wire එක දිහා ඒකට යම්කිසි දෙයක් බද්ද කරල තියෙනවද බලන්න අර මන් කලින් දීපු image එකේ වගේ

5.තවත් දෙයක් තමයි ඔය එක එකා බොරුවට දෙන hacking software කියල දෙන ඒව download කරන්න එපා ඇත්තටම hacking software වර්ග නෑ ඒව මුලා කිරීමක් ..

අනේ දැන්නම් type කරලම මගෙ ඇගිලි රිදෙනවා මන් හිතනවා  මේක ඔයාලට වැදගත් උනා කියල මෙච්චර කියල දීලත් like එකක් හරි comment එකක් හරි නොදා යන්න පුලුවන් ද යාලුවනේ.. :D

Tuesday, October 14, 2014

මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක් ඈ ඒ කියුවේ තරිඳු ගේ එත් #CyberTricksZone එකට ගෙන්න චෙනුර ඈ... හරි ඉස්සෙල්ලා කියුවේ White Hat ගැන නේ :D එක බැලුවේ නැත්නම් මෙතැනින්

හැකින් කිවුවහම ප්‍රධාන වශයෙන් දෙවර්ගයක් ඉන්නවා Black Hat Hackers and White Hat Hackers ඉතින් අද මම විස්තර ගෙනාවේ ලෝකේ හොදම Black hat Hackers 6දෙනා ගැන එහෙනම් ඔන්න පහලින් ලියලා  දැම්ම බලලා හොදනම් Like  එකක් හරි Comment එකක් හරි දාන්න හොදේ.. :D

George Hotz

තරුණයි වගේම ගොඩාක් ලොකු හැකියාවක් තියෙනවා මෙයාට..මෙතන තියෙන වැදගත්ම දේ තමා මෙයා තාම teenager කෙනෙක්...එයා ගොඩාක් දවස්වල රෑට hack කරල හොද ෆන් එකක් ගන්න කැමති කෙනෙක් ඒකේ ප්‍රතිපලයක් විදිහට මෙයා Sony company එක හැක් කරා 2007ඒ ජූනි  මාසේ පුදුමෙ කියන්නේ ඒ වෙනකොටත් එයාගෙ වයස අවුරුදු 17යි. :D



Kevin Mitnick


කෙවින් මිට්නික් ලෝකේ පුරාම ගොඩාක් ප්‍රසිද්ධ computer වලින් දත්ත සොරාගන්නා hacker කෙනෙක්...මෙයා ඉන්නේ ඇමෙරිකා වේ.. හැක් කරන්න පටන් ගත්තේ මෙයා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ..අවුරුදු ගනනාවක් තිස්සේ මෙයා ගොඩාක් companies හැක් කරා..එයා අන්තිමට 1995 දී අත් අඩංගුවට ගත්තා ඊට පස්සේ අවුරුදු 5ක් මෙයා හිරගෙදර හිටියා..


Adrian Lamo

ඇඩ්‍රියන් හදුන්වන්නේ 21ක් වෙනි සියවසේ සිටින හොදම බ්ලැක් හැට් හැකර් විදිහටයි..
එයා ගොඩාක් ප්‍රසිද්ද වෙලා තියෙන්නේ high profile computer networks break කරල තමා..මෙයා ගොඩාක් අයගෙ හැක් කරල 2003 දී අත් අඩංගුවට ගත්තා...






Garry Mckinnon

මෙයා  United States military and NASA computers 97 ක් හැක් කරල තියෙනවා..එයා රජයට ලොකු පාඩුවක් කරල තියෙනවා..මෙයා 2002 දී අත් අඩංගුවට ගත්තා. :(








Jonathan James

මෙයාගේ ජීවිත කථාව ගත්තොත් හරිම දුක හිතෙන එකක්.. 1999දී මෙයාට වයස 15යි ඒත් ඒ වයසෙදිම මෙයා මෙයගෙ ඉස්කෝලේ වෙබ් අඩවිය හැක් කරා...මෙයා ගොඩාක් hack කරල තියෙන්නේ NASA Systems  ඒ කරපු dameges හදන්න nasa ආයතනයට ඩොලර් 41,000ක වියදමක් දරන්න වුනා..ඒ ආයතනය මෙයා හැක් කරේ software එකක් ගන්න ඒ softwere එකේ මිල ඩොලර් මිලියන 1.7 ක්..මෙයා සල්ලි පස්සේ දුවපු කෙනෙක් කියල මේක කියවන ඕනි කෙනෙකුට තේරුම් යනව ඇතිනේ ඊට පස්සේ මෙයා මාස 6ක් නිවාස අඩස්සියේ හිටියා..මෙයාට ආයෙ ජීවිත කාලෙටම computer එකක් භාවිතා කරන්න​ අයිතිය නැති කරා..


Kevin Paulsen


මෙයත් තවත් බයානක හැකර් කෙනෙක් තමා මෙයා fbi එක හැක් කරා ඊට පස්සේ phone lines,radio stations වගේ ඒවත් මෙයාගෙ ගොදුරු බවට පත් වුනා අන්තිමට මෙයාව FBI එකෙන් අල්ලගත්තා






Hacking නරක පැත්තට ගත්ත ගොඩක් දෙනෙක් දැන් හිරේ ඈ එක නිසා අපි හැම වෙලේම උත්සහා කරන්න ඕනේ Cyber අවකාශයත් හොද පැත්තට ගන්න ඈ.. :D #චෙනුර කැපුණා Like එකක් දාලා උදුව් කරන්න ඈ :D

/Bye

Monday, October 13, 2014

ඔන්න ඉතින් අදත් #චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D මේක Hacker වරු ගැන ලියන්නේ ඈ :D පොඩි පැහදිලි කිරීමක් විතරයි කරන්නේ මොකද ලංකවේ Hacking කියල දෙන එක නීති විරෝධී නිසා ඈ මට බැහැ හිරේ යන්න #මරුසිරා වගේ :( හරි Hacker වරු කොටස් දෙකයි එක White And Black කියලා ඈ ;) ඒ කියන්නේ White කියන්නේ හොද Black කියන්නේ නරක :D හරි මම ඒවා ගැන දේශනා දෙන්නේ නැහැ Google කරලා හොයාගන්න ඈ.. :) මම අද කියන්නේ ලෝකේ ඉන්න හොදම White Hat Hackers පස් දෙනා ගැන :D

1. Stephan Wozniak


ගොඩාක් කට්ටිය මෙයාට කතා කරන්නේ #Morevor කියල.Apple Company එකෙන් බාගයක් මෙයාටත් අයිතියි...මෙයා ගොඩාක් අලුත් නිපැයුම් නිපදවවුව කෙනෙක්..මෙයා ලෝකේ ලොකු වෙනසක් කර කෙනෙක් කියල හදුන්වන්න පුලුවන්. :D





2. Tim Berners-Lee



Tim Berners-Lee white hat hackerඇත්තටම මෙයා ගැනනම් දන්නේ නැති කෙනෙක් නෑ..මොකද මෙයා තමා අන්තර්ජාලය www.(world wide web) හොයාගත්ත කෙනා..ඒ වගේම හොද white hat හැකර් කෙනෙක්.



3. Linus Torvels


Linus Torvals white hat hackerමෙයා තමා linux operation system එක හොයාගත්තේ ..ඒක පටන් ගත්ත freax කියලා..කොහොමහරි දැන් අපි ඒක හදුන්වනේ linux කියලනේ..මෙයා කියන්නේ මෙයා කරන දේවල් පිලිබදව මෙයා ගොඩාක් සතුටු වෙනවා...



4Tsutomu Shimomura



Tsutomu Shimomura white hat hackerමෙයා ලොකේ හොදම white hat  හැකර් කෙනෙක් විදිහට ගන්න පුලුවන් හොදම උදාහරනයක්...ඔයාල දන්නවනේ ලෝකේ හොදම black hat  හැකර් කෙනෙක් වන kevin mitnick ගැන ඉතින් එයාව අල්ලගත්තේ මෙයා තමා...ඒ වගේ දේවල් වලින් මෙයාට පුලුවන් උනා ලෝකේ හොදම හැකර්ස්ලා අතරට පිවිසෙන්න​. :D


5. Johanna Rutkowaska

Johanna Rutkowska white hat hackerඅපි ගොඩක් වෙලාවට තාක්ශණය ගැන කතා කරද්දි වැඩි හරියක් ඉන්නේ පිරිමි අය ඒත් මෙයා ගැහැනු කෙනෙක් මෙයා හොදම හැකර් කෙනෙක් තමා මෙයා ගොඩාක් අනිත් හැකර්ස්ලව අභිභවා white hackers ranks වල උඩම රැදී සිටිනවා...






මේවගේ පොඩි තොරතුරු ටිකක් ගෙනාවෙත් හෙන කට්ටක් කළා මගේ මහන්සිය සලකලා Like එකක් දාලා යන්න යාලුවනේ :D

/Bye

Thursday, September 18, 2014

හල්ලෝ කොහොමද කට්ටිය Ad නිසා කරදරයි නේ :( ඒවා දාපු හේතුව මගේ ඉස්සෙල්ලා ලිපිය කියුවා නම් දන්නවා ඇති :D එක කියවන්න මෙතනින් හ්ම්ම ඔන්න අදත් චෙනුර ලිපියක් ගෙන්නවා ඈ මේක මම ෆෝරම් එකක දැක්ක එකක් ;) එක market කළා කියලා කට්ටිය අවුල් ගන්න එපා ඈ.. :D

ඔයාලා දන්නවද Hackerවරු Site එකක්‌ Hack කරත් ඒ වල තියන Password එහෙම හොයාගන්න Password තියන File එක Encryption කරන්න ඕනේ.ඒ කියන්නේ වෙබ් Site වල එහෙම තියන Password තියෙන්නේ ලොක් එකක් ඇතුලේ ඉතින් මේ Lock එක ඇරියොත් ඔයා Hacked :p ඉතින් ඔයාලාට පුළුවන් ඔයාලගේ Password එහෙම Hack වෙන්න යන කාලය මැනගන්න ;)

මුලින්ම උඩ තියන බට්න් එක Click කරලා Open වෙන Site එකට යන්න එතැන Enter Password කියන එකට ඔයා දාලා තියන Password එක හරි ඒ වගේ ගැලපෙන Password එකක් දීලා බලන්න පහළින් පෙන්වනවා කොච්චර කල් යනවද කියලා බලන්න පුළුවන් :D ඒ වගේම දාලා තියන Password ආරක්‍ෂිත නැත්නම් මෙතැනින් බලන්න හොද Password එකක් දාන්නේ කොහොමද කියල ? :D  

එහෙනම් අපි ගියා මේ Site එක ඔයාලගේ Password උස්සන්නේ නැහැ :D වගකීම් සහිතයි :D
Like එකක් දාලා අපිට සහය වෙන්න :D /bye

Wednesday, August 27, 2014


/hihi ඔන්න චෙනුර මලයා අදත් ඔයාලට වටිනා පොස්ට් එකක් ලියුවා වැඩ ගොඩ ගහාගෙනම.වටිනා දෙයක් Cyber Tricks Zone වල අපි හැම දාම ඔයාලට දුන්නානේ මේකත් එහෙමයි බොරු Hacking හොයලා හෙම්බත් වුණු අයට මේක මල් වැසක් වේවි.ගොඩක් අය ආසයි නියම Ethical Hacking ඉගෙන ගන්න.ඔයාලා දන්නවද දන්නේ නැහැ උපධියක් ලබා දෙන විදිහට Ethical Hacking ඉගෙන ගන්න තියනවා කියලා ඔව් තියනවා.ec council කියන්නේ ඕකට නම් දාරපු තැනක් හැබැයි එකේ උගන්වන්නේ සල්ලි වලට.බොරු නම් එයාලාගේ Site එකට ගිහින් බලන්න මෙතැනින්

ඒයාලා දෙන හොද උපධියක් තමයි C|E|H  හෙවත් certified ethical hacker  ගැන වැඩි විස්තර මෙතැනින් දැනගන්න =D>

ටිකක් බැලුවානම් තේරෙයි දැන් මම ඔයාලට දෙන්නේ එයාලගේ තනියම ඉගෙන ගන්න පුළුවන් පොත් ටිකක් ඒවා නිකන් ගන්න ගියානම් යනවා $825 බොරු නම් මේ පොත් ගැන මෙතැනින් බලන්න 


දැක්කනේ මම ඒ Set එක දෙන්නයි යන්නේ මෙන්න එහෙනම් අරගෙන බලන්නකෝ තියෙන්නේ English වලින් හැබැයි හොදට ඕක ඉගෙන ගෙන එයාලාගේ Site එකේ Test එකට Join වෙලා විභහාගේ Online ලියලා ඕනෙමනම් C|E|H ඔයාටත් ගෙදර ඉදලා ගන්න පුළුවන් :D පහළින් දැම්මේ Torrent එකක් මොකොද Direct දැම්මොත් Google එකෙන් Banned වෙනවා නේ :D /hmm

බලන්නකෝ එහෙනම් ඔයත් Try එකක් දාලා :D මේවගේ වටිනා වැඩ දෙන්නේ Cyber Tricks Zone ම තමයි එහෙනම් චෙනුර කැපුණා ඔයාලට ජය වේවා! 
/bye

Saturday, October 26, 2013



යාලුවනේ මට ලැබුනා Hackerවරුන්ගේ UnderGround Hacking තියන E-Book එකක්.එකේ නම තාමා Hackers underground Handbook කියන්නේ.මේක ගොඩක් වටින්නේ ආධුනිකයන්ට.මේ පොතේ Hacking පාඩම් ටික රූප සටහන් එකක් තියනවා.
එකේ තියන ඒවා තමයි මේ.

  • Concept of Hacking
  • Programming
  • Linux
  • Network Hacking 
  • Wireless Hacking
  • Windows Hacking
  • Web Hacking
  • Malware

ඉතින් මෙන්න E Book එක පහළින් බාගන්නකෝ :D

           

යාළුවන්ටත් බලන්න Share කරන්න හොදේ මම ගියා.

දවස්පතා Update වෙන අපේ Blog අඩවියේ අලුත් වැඩ දැනගන්න Like කරන්න අපේ Facebook Fan Page එකට.


ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ