ටැංකියක් නිසා පරිප්පු කම්හලක සේවකයෙක් අතුරුදහන්

Wednesday, 11 March 2015 - 14:49

%E0%B6%A7%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B7%8A
කැළණිය - පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක ටැංකියක් කඩා වැටීමෙන් පසු අතුරුදන් වූ එහි සේවකයා සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා. පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්වයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ. කර්මාන්තශාලාවේ සේවය මොණරාගල පදිංචි හර්ෂණ තිලකරත්න නමැති 24 හැවිරිදි තරුණයෙකු මෙලෙස අතුරුදන්ව සිටිනවා. කම්හලේ පරිප්පු ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා යාමෙනුයි ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුවුණේ. ටොන් ගණනක පරිප්පු තොගයකට තම සහෝදර සේවකයා යටවී සිටින බව කර්මාන්තශාලාවේ අනෙක් සේවකයන් පවසනවා. ආරක්ෂක අංශ හැරෙන්නට පාලනාධිකාරිය අදාළ මෙහෙයුම් සඳහා කිසිදු සහයක් නොදක්වන බවටයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් චෝදනා කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories