ඔන්න ඉතින් මාත් ආවනෙ සිහින බක් මහ උළෙල බලන්න.. පරක්කු වෙලා හරි ටින්ටින් වෙනුවෙන් ඒකෙ විස්තර ටිකක් ලියන්න තමයි හිතෙන්නෙම. කොළඹ රටේ හුරු පුරුදු ඉසව්වට එනකොට හොදට ඉරත් පායල , උත්සවේ කටයුතු පටන් අරන් තිබුනෙ. දොර ගාව හිටිය අයියල හොදට හිනා වෙලා ටිකට් එකකුත් දුන්නා. (අයියල ප්‍රධාන අරාධියටත් ටිකට් එකක් දුන්න කියල තමයි ආරංචිය…)පොලෝසියෙ ලොකු මහතැන් කෙනෙකුයි , පින්තූර ගන්න මහතැන් කෙනෙකුයි තව මම නොදන්න මහතැන්ල කීප දෙනෙකුයි පොල් තෙල් පහන එහෙම පත්තු කරල වැඩේ ආරම්භ කලා….
හිත ඇදිල ගිය පලමු තරඟ ඉසව්ව උනේ බනිස් කෑම තමයි….. (සමහරු උදේට කාල ඇවිත් තිබුනෙත් නෑ බනිස් කන්නමද කොහෙද) ඒත් එක්කම තමයි මම ජීවිතේ දැකල තිබුන ලොකුම පොටෝ ගැහිල්ල ආරම්භ උනේ. කලු කෙට්ටු අයියලා, මහත අයියලා, සුදු අයියලා පොඩි අයියලා කැමරා අටෝගෙන ගත්තා මාරයට උන හැදෙන ගානට පොටෝ. මුල ඉදන්ම මාත් ආපු අයත් එක්ක අදහස් හුවමාරු කරගන්න පටන්ගත්තා, මේවගෙ තැනකට ඇවිත් පැත්තකට වෙලා ඉන්නත් බැහැනෙ. කට්‍ටිය ගෙදර ගිහින් ඇනෝනිමස් ආතල් ගනීද කියලත් අයියල කතා වෙනව මට ඔය අතරෙ ඇහුනෙ නෑ. මූන පුරා ගාගෙන කිරි කෑම, වැටි වැටි තුන්පා දිවීම, කනා මුට්ටි බිදීම යස අගේට තිබුනා. වැටුන අයගෙ ඇග රිදෙනවා ඇරෙන්න මට නම් කිසිම අමාරුවක් නෑ. දවල් කෑම එකත් යස අගේට තිබුනා කිව්වොත් ඒක හරි. නැත්නම් අන්තිමට එළවලු කෑම දුන්න කියල කතන්දරත් අහගන්න වෙනවනෙ.
ජනප්‍රිය පුද්ගලයන්ගේ පැමිනීම ගැන කියනවා නම් කවුරුත් බලන් හිටියෙ ඉරුව ගේ පැමිනීම තමයි.. මම හිතාගෙන හිටියේ නම් හෙන සයිස් පොරක් සුදු කෙල්ලෙක් එක්ක එයි කියල උනාට ආවෙ නම් පාං කෑල්ල වගේ එකෙක්. ඊලගට ආවෙ නැතෑ නලුවෙක් වගේ අයියා කෙනෙක් බලන්න ලස්සන වැඩේ කියන්නෙ රූප සුන්දරී තරඟෙ වගේ පට පට ගාල පොටෝ ගත්ත හැටි. ඒවා මතක් වෙනකොටත් ඇස් පියවෙනවා………
කඔ ඇදීම ගැන නම් කතා කරල වැඩක් නෑ අලි වගේ හිටපු කටිටිය සුරැස් ගාල ඇදිලා ගියා. ඒ පිටුපස විදේශීය හා දේශීය කුමන්ත්‍රණකාරී බලවේග තිබුන බවට ඕනිම කෙනෙකුට ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්.
අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟය විනිශ්චය කරන්න ගමේ දේ ලෝකෙට රැප් කරලා අරන් යන අයියා කෙනෙකුයි තව සුදු පාට අක්ක කෙනෙකුයි ඇවිත් හිටියා එයාලත් විනිශ්චය යස අගේට දුන්නා.සමහරුන්ට පොඩි අවුලකට තිබුනේ අක්ගගෙ මූණ තමයි කියල පස්සේ සිද්ධ උන කතා බහ ඇහුවාම නම් මට හිතුනා. කොහොමහරි අවුරුදු උත්සවේ උතුම් අරමුණ ඒ කියන්නේ දිලුම් සුවපත් කරගැනීම ගැන මගේ හිතේ තිබුන බලාපොරොත්තු මෙයාලගෙ කැපවීම දැකලා සිය දහස් ගුණයකින් වැඩි උනා. අනුන්ගේ දුකේදි මෙහෙම උදව් කරන යාළුවො ඉන්න එක මොන තරම් වටිනවද.
අන්තිමේදි රසම රස කේක් කෑලි දෙක තුනකත් රහ එහෙම බලලා කට්ටියම කවල් සංගීතෙට නටන්න පටන්ගත්තා. දාපු සින්දු මොනවද කියල උන්ටවත් මටවත් තේරුනා කියල නම් මම හිතන් නෑ. එකිනෙකා හදුන්වා දීම තමයි මේ අවුරුදු උළෙලේ මම මුහුණ දීපු ඇග කිළිපොලා යන අවස්තාව වටේ තිබුණ කනු වලට පින් සිද්ධ වෙන්න ඒකෙන් නම් යස අගේට ඇග බේරගන්නත් පුලුවන් උන එක ගැන මට ලොකු ආඩම්බරයක් නැතුවාමත් නෙවෙයි.
අන්තිමේදි කට්ටියම ආයිත් පොටෝ පන්සීයකට විතර මූණ දෙනකොට මාත් ඇග බේරගෙන අයින් උනා. හැබැයි අභ්‍යන්තර අංරංචි මාර්ග වලට අනුව ඊට පස්සෙ තමයි හොද හොද දේවල් වෙලා තියෙන්නෙ.
ඉතින් මේ සැරේ ආපු නැති අයත් ඊලග උත්සවේට එන්න ඒ වෙනකොට දිලුම් සුවපත් වෙලා අපිත් එක්ක මීටත් වඩා සතුටින් ඉදියි.නිකම් ඉන්න බැරුවට ටින්ටින් වෙනුවෙන් මේ දේවල් ඔයාල වෙනුවෙන් ලියපු මම කැප්ටන් හැඩෝක්.(ආයි ඉතින් පිස්සුවක් ඇතෑ )
හත්වලාමයි උබත් අවාද? හා කියපන් බලන්න උබ කීයට විතරද අවේ කියලා .. ගුගුල් සර්ච් පාරක් දාලා බලන්ට 😀
හික් හික් මමත් ආවා තමා. මම දැක්කා වැපාවත්. 😀 මමයි ටින් ටිනුයි දෙන්නම ආවා 😀
-කැප්ටන් හැඩොක්-
ඔව් බං මූ හොරෙන්ම ඇවිත් ගිහින්
තනියම නෙවේ හික් හික්
හෑ… ටින් ටින්… තනියමද ආවේ.. ස්නොවි ගෙනාවේ නැත්තේ අපි අදුනගනියි කියලා….