Update : ඝාතනයට ලක්වූ කොටදෙනියාවේ දැරිය බරපතල ලිංගික අපයෝජනයකටත් ලක්වී ඇතැයි හෙළි වේ

Monday, 14 September 2015 - 13:19

Update+%3A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%9A

දිවුලපිටිය - කොටදෙණියාව - බඩල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි සේයා සදෙව්මි දැරියට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට අද සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ රෙදි පටියකින් ගෙළ සිරකර දැරිය ඝාතනය කර ඇති බවට ද එහිදී කරුණු අනාවරණ වී ඇති බවයි.

මීගමුව මහරෝහලේදී දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකළේ එම රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එන්.රාහුල් හක් විසින්. එම ස්ථානයට මියගිය දැරියගේ පියා සහ සීයා ද පැමිණ සිටියා.

කොටදෙණියාව බඩල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය පසුගිය 12 වනදා රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට කොටදෙණියාව පොලිසියට පැමිණිලි කර තිබුණේ ඇගේ සීයා විසින්. අතුරුදන් වූ දැරිය සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය පෙරේදා මෙන්ම ඊයේ දිනයේත් ප්‍රදේශය පුරා මෙහෙයුම් සිදුකළා.

සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර ඊයේ උදෑසන පොලිස් කණ්ඩායම සොයා ගනු ලැබුවේ ඇගේ නිවස ආසන්නයෙන්ම ගලා යන ඇළ මාර්ගයක ඉවුරක තිබියදීයි. නිවසේ සිට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි මෙම ප්‍රදේශය පෙරේදා දිනයේත් දැඩි පරීක්ෂාවට ලක් වී තිබුණා. දැරිය පැහැර ගත් පුද්ගලයා ඇයව ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මියගිය දැරියගේ මව පවසන පරිදි මේ මස 16 වන දා 5 වන වියට පා තැබීමට සූදානමින් සිටි සේයා සදෙව්මි නින්දට ගොස් තිබුණේ පසුගිය 12 වනදා රාත්‍රී 9.30ට පමණයි.

දැරියගේ පියා පවසන්නේ දැරිය සාමාන්‍යයෙන් තමන් සමඟ හෝ දැරියගේ අත්තම්මා සමඟ නිදා ගන්නා බවයි. දැරිය නිවසේ නොමැති බවට මුලින්ම දැන ගෙන ඇත්තේ ඇගේ සීයා විසින්. ඒ පෙරේදා උදෑසන දැරිය පිළිබඳ සිදුකළ සොයා බැලීමකදීයි.

කෙසේ වෙතත්, දැරියගේ ඝාතනය මේ වනවිට ඇගේ පියා, සීයා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

දැරිය නිදා සිටි කාමරයේ එක් ජනේලයක ග්‍රිල් ආවරණ නොතිබූ අතර එම ස්ථානයේ දැරිය පැහැරගෙන ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරනවා. එසේම, දැරිය නිදා සිටි ඇදෙහි ඇතිරිල්ලක තිබූ පා සටහන ඝාතකයාගේ ද යන්න පොලිසියේ අවධානය යොමුවී ඇති තවත් කරුණක්. තවද, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ කරුණු අනුව යමින් විමර්ශන සිදුකරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළා.



Update: Monday, 14 September 2015 - 19:01
---------------------------------------------------------
කොටදෙණියාවේ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව

ගම්පහ - දිවුලපිටිය - කොටදෙණියාව ප්‍රදේශයේදී සේයා සදෙව්මි දැරිය පටියකින් ගෙළ සිර කර මරා දමා ඇති බවත්, ඇයට බරපතල ලිංගික අපයෝජනයක් සිදුව ඇති බවටත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි පවසනවා. මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණේ මීගමුව දිස්ත්‍රික් රෝහලේදියි.

Update : Monday, 14 September 2015 - 13:19

සදෙව්මිගේ අභිරහස් මරණයට අසල්වැසි පවුලක් සම්බන්ධ ද ?

ගම්පහ - දිවුලපිටිය - කොටදෙණියාව ප්‍රදේශයේදී සේයා සදෙව්මි දැරිය අභිරහස් ලෙස මියයාමෙන් පසු ඇයගේ නිවස අසල පදිංචිව සිටි අසල්වැසි පවුලක් ඊයේ ප්‍රදේශය හැර ගොස් තිබෙනවා. ඔවුන් ප්‍රදේශය හැරයාම මෙම දැරියගේ මියයෑමත් අතර සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා දිවුලපිටිය, කටාන සහ මීගමුව යන පොලිස් ස්ථානවල නිලධාරින්ගේ ද සහය ලබාගෙන තිබෙනවා.

කොටදෙණියාවේ පදිංචිව සිටි සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අවුරුදු හතරහමාරක් වයසැති මෙම දැරිය පසුගිය සෙනසුරාදා අලූයම නිවසින් අතුරුදන් වුණේ සිය මිත්තණිය සමග නින්දට ගොස් සිටියදීයි. පසුව දැරියගේ පියා මේ සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මතයි ඇය සෙවීමේ කටයුතු ආරම්භ වුණේ. ඒ සඳහා පොලිස් නිල සුනඛයින් ද යොදා ගැණුනා. ඒ අනුවයි සෝදිසි මෙහෙයුමේ නිරතව සිටි එක් පොලිස් කණ්ඩායමකට ඊයේ උදෑසන නිවසට ආසන්නයේ ඇල ඉවුරක තිබියදී සදෙව්මි දැරියගේ නිරුවත් මළ සිරුර හමුවුණේ.

සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් සහ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ ප්‍රකාශ පොලිසිය ඊයේ සටහන් කරගනු ලැබුවා. එම ප්‍රකාශ සහ විශේෂඥ සාක්ෂි මත බුද්ධි නිලධාරින් ද යොදා ගනිමින් ඉදිරි පරීක්ෂණ කටයුතු පුළුල් ලෙස ක්‍රියාත්මක කර ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ.



මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න  :
http://goo.gl/BIhzTE
 






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories