නිපොන් පේන්ට් ගෙනෙන පරිසර හිතකාමී තීන්ත, රන් සම්මානයෙන් පිදුම් ලබයි

Tuesday, 04 August 2015 - 15:49

%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%2C+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ගෞරවණීය \" CIOB Green Mark \" සම්මානයෙන් පිදුම් ලැබූ ලංකාවේ පළමු සහ එකම තීන්ත නිෂ්පාදන සමාගම බවට නිපොන් පේන්ට් ලංකා සමාගම පසුගියදා පත්වූ අතර සැමවිටම පරිසර හිතකාමී ක්‍රමවේදයන් තුළින් සවිබලය ලබන තිරසාර අනාගතයක් වෙනුවෙන් සමාගමේ තිබෙන කැපවීම වෙනුවෙන් හිමිවූ කීර්තිමත් සම්මාන ගොන්නට මෙම සම්මානයද අළුතින් එකතු වනු ඇත.

මෙම සම්මානය සමාගම විසින් නිෂ්පාදනය කර වෙළඳ පොළට හඳුන්වා දී තිබෙන අළුත් තීන්ත වර්ග දෙකක් වන ”නිපොන් පේන්ට් 03 ඉන් 01 මෙඩිෆ්‍රෙෂ්\" (3 in 1 Medifresh)   සහ ”වෙදර් බොන්ඞ් ඇල්ගී ගාර්ඞ්” (Weatherbond Algae Guard) සඳහා පිරිනමා තිබේ.

\"CIOB Green Mark\" සම්මානය සිංගප්පූරුවේ ගොඩනැගිලි සහ ඉදිකිරීමේ අධිකාරිය, නෙදර්ලන්තයේ ගොඩනැගිලි ඉදිකිරීම් පරීක්ෂණ සහ නවෝත්පාදන කවුන්සලය, සිංගප්පූරුවේ පරිසර හිතකාමී ගොඩනැගිලි කවුන්සලය සහ  මෙරට මධ්‍යම පරිසර අධිකාරිය යන ක්ෂේත්‍රයේ දෙස් විදෙස් සංවිධානයන්ගේ අනුමත කිරීම මගින් CIOB ආයතනය පිරිනමන ලදී.

”පරිසර හිතකාමී තීන්ත නිෂ්පාදනයක් ලෙස ලංකාවේ පළමු සහ එකම වරට අපිව තෝරා ගැනීම අපට ගෞරවයක් මෙන්ම සතුටක්” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් නිපොන් පේන්ට් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී, තුසිත ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තීන්ත නිෂ්පාදන ද්විත්වය 2013 වසරේදී වෙළඳ පොළට නිකුත් කළ අතර මෙම තීන්ත නිෂ්පාදන සඳහා 2014 වසරේදී සිංගප්පූරුවේ හරිත නාමකරණ වැඩසටහන යටතේ පිරිනැමෙන ”පරිසර හිතකාමී” සහතිකකරණයෙන්ද පිදුම් ලැබීය.

”වසර දෙකකටත් අඩු කාලයකදී අපගේ දියුණු තාක්ෂණය සහ පරිසරය වෙනුවෙන් තිබෙන කැපවීම ආසියාවේ ප්‍රමුඛතම ගොඩනැගිලි සහ ඉදිකිරීමේ කර්මාන්ත ආයතන විසින් දේශීයව සහ ජාත්‍යන්තරව නැවත වතාවක් පිළිගෙන තිබෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සම්මානයේ මූලිකම පරමාර්ථය වන්නේ, ගොඩනැගිලි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ, පරිසර හිතකාමී නිෂ්පාදනයන් සිදුකිරීම සහ සැලසුම් කිරීම දිරිගැන්වීමයි. මෙමගින් පාරිභෝගිකයාටද පරිසර හිතකාමී නිෂ්පාදන හඳුනාගැනීමට හැකි අතර නිෂ්පාදන භාවිතය ඉහළ යාම තුළින් වෙළඳ පොළ වර්ධනයක් අපේක්ෂා කළ හැක.

”පරිසරය ආරක්ෂා කිරීමටත් සුරක්ෂිත කිරීමටත් අඛණ්ඩව කැපවෙන ආයතනයක් ලෙස නිපොන් පේන්ට්, මෙම ගෞරවණීය සම්මානය සමස්ත ශ්‍රී ලාංකිකයින් සමග බෙදාහදා ගැනීමට කැමතියි. එසේම, අපි ශක්තිමත් බවින් ඉදිරියට යාමේදී පරිසරය සඳහා දක්වන කැපවීම වෙනුවෙන් සත්‍යවාදී ලෙස බැඳී සිටීමට පොරොන්දු වෙනවා.” යනුවෙන් සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ සහකාර සාමාන්‍යාධිකාරී, නෙමන්ත අබේසිංහ මහතා පැවසීය.
 
මෙම සහතිකය ශ්‍රී ලංකාව තුළ තක්සේරු කිරීම සහ සහතික කිරීම සිදුකරන්නේ Ceylon Institute Of Builder (CIOB) ආයතනය විසිනි. මෙම ආයතනය දේශීය සහ විදේශීය බොහෝ වෘත්තීය ඉදිකිරීමේ ආයතන වලට සම්බන්ධ වේ. මෙම හරිත නිෂ්පාදන සඳහා ලබාදෙන CIOB (Green Mark)  සම්මානය මෙරට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යංශය සහ එංගලන්තයේ වරලත් ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනය මෙන්ම සිංගප්පූරුවේ හරිත ගොඩනැගිලි කවුන්සලය විසින් සහතික කර තිබේ.  

මෙහිදී, පාරිභෝගිකයින් අවධානය යොමුකළ යුතු වඩාත්ම වැදගත් කාරණය වන්නේ දේශීය වෙළඳ පොළේ අලෙවිකරන පරිසර හිතකාමී තීන්ත යැයි කියා ගන්නා බොහෝ තීන්ත වර්ග නිපොන් තීන්ත නිෂ්පාදන මෙන් මෙවැනි ශක්තිමත් දෙස් විදෙස් සහතික කිරීමක් ලබාගත් තීන්ත නිෂ්පාදන නොවීමයි. තමන්ට හිත මිතුරු පාර්ශවයන්ගෙන් මෙවැනි නිෂ්පාදන වලට යම් යම් සහතික කිරීම් ලබාගෙන තිබුණත් සත්‍ය වන්නේ ඒවායේ එම කියන ගුණාත්මක තත්ත්වය නොමැති වීමයි. මේ නිසා, පරිසර හිතකාමී තීන්ත නිෂ්පාදනවල මෙරට ප්‍රමුඛයා නිපෝන් පේන්ට් බව මෙවැනි ශක්තිමත් දෙස් විදෙස් සම්මාන දිනාගැනීම තුළින් අවිවාදයෙන්ම තහවුරු වේ.
 
සැමවිටම තම නිෂ්පාදන කටයුතු වලදී පරිසර සුරක්ෂිතතාවය ගැන සැලකිලිමත් වන නිපොන් තීන්ත දිනාගත් මෙම සුවිශේෂී ගෞරවය ශ්‍රී ලංකාවාසී ඔබසැම හා බෙදාහදා ගැනීමට යුහුසුළු වන අතරම ඉදිරියේදී පරිසර ආරක්ෂාව වෙනුවෙන් වූ සිය කැපවීම තව තවත් වර්ධනය කිරීමට ප්‍රතිඥා දෙයි.