බස් රථය තුල ගැබිණි මාතාවන්ට විශේෂ වූ අසුනක් වෙන්කරනු ලබන්නේ ඔවුන්ට ආරක්ෂාකාරීව ගමන් කිරීමේ පහසුව ලබාදීමටයි. නමුත් එම අසුන වෙනත් අයෙක් විසින් ලබාගෙන සිටීම නිසා අනතුරකට පත්වූ කාන්තාවක් පිළිබඳ වාර්තා වන්නේ ගම්පොළ උලපනේ ප්රදේශයෙනුයි.
මහනුවර - හැටන් බස්රථයක දොර අසල සිටගෙන ගමන්කොට ඇති මෙම කාන්තාව බස් රථය වේගයෙන් වංගුවක් ගන්නවාත් සමඟින්ම බස් රථයෙන් විසිවී ගොස් ඇත. මෙය සිදුවන විට ඇයට දරුවා ලැබීමට තිබී ඇත්තේ දින 15ක් පමණ වේ.
බස් රථයේ මගීන්ගේ කෑ ගැසීම හේතුවෙන් බස්රථය නවතා 28 හැවිරිදි චන්ද්රමාලා නම්වන කාන්තාව ගම්පොල රෝහලට ඇතුලත් කිරීමට ප්රදේශවාසීන් මෙන්ම මගීන් කටයුතු කොට ඇත. කෙසේ නමුත් ඇයගේ තත්වය බරපතල බැවින් මහනුවර රෝහල වෙත යවා ඇති අතර ඇය මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටී.
මෙම සිදුවීමට මුහුණ දුන් බස්රථයේ රියදුරු හා කොන්දොස්තර එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවට ගම්පොල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති වැඩිදුරටත් පවසයි.

Follow US
Most Viewed Stories